Wednesday, February 22, 2012

මගේ ඇස් දෙක.




එක ගැහැණු ළමයෙක් හිටියා. එයාගේ නම නෙත්මි. ඒ උනාට එයා උපතින්ම අන්දයි. වයසත් 21 විතර වෙනවා. ඇයගේ පෙම්වතා වුනේ නවිදු. ඇගේ පෙම්වතාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ ඔහු සැහේන්න දුරට නිෂ්ශබ්ද චරිතයක් නිසා වෙන්නැති කියලයි නෙත්මි හිතන් හිටියේ. නෙත්මි නවිදු හමුවුන හැමවෙලේම කිව්වේ.
“මම ඔයාව දැක්කොත් අනිවාර්යෙන්ම ඔයාව කසාද බදිනවා“ කියලයි.
ඔය විදියට දෙන්නටම හොරේන් කාලය ගෙවිල ගියාලු. නවිදු දවසක් නෙත්මිට කිව්වලු.
“නෙත්මි“
“ඇයි විදු“ ඇය ආදරේට ඔහුට කතා කලේ එහෙමයි.
“සුබ ආරංචියක් තියෙනවා පැටියෝ.“
“මොකක්ද?“
“ඔයාට ඇස් දෙකක් දෙන්න කෙනෙක් ඉදිරිපත්වෙලා කියලා. මැඩම් කිව්වා.“
“අනේ ඔය ඇත්තද විදු“
“ඇයි. මම කවදාවත් ඔයාට බොරු කියලා තියෙනවද?“
“අයියෝ විදු. ඔයානම්. මම ජිවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස් දෙකයි තියෙන්නේ.“
“මටත් දැන ගන්න කියන්න බලන්නකො එනම්.“ නවිදු එහෙම කිව්වේ නෙත්මිගේ අතක් හිමිට අල්ලන ගමන්. හරියට රිදෙයි වගේ හැගිමෙන්.
“පොඩ්ඩක් ඉන්නකෝ අනේ පනින් නැතුව. ඒ තමයි අද ඔයා ගෙනාව සුබ ආරංචිය.“
“අනික මොකක්ද?“
“ඒ තමයි ඔයා මට ආදරේයි කිව්ව දවස.“ නෙත්මි නවිදුට තුරුල් වෙමින් කිව්වා.
ඔයවිදියට දෙන්නා ආදරේ වින්දා. අපි කියමු මේ දෙන්නට කාගේවත් ඇස්වහක් වදින්න එපා කියලා. නවිදු කියපු විදියට ඇයට කවුද කෙනෙක් ඇස් දෙකක් පරිත්‍යාග කර තිබ්බා. වෙද්‍යවරු සැත්කම සාර්ථකව අවසන්කරා. ඇය වාසනාවන්ත උනා ඇය නොදුටු ලොකය දකින්න. ඇයට ඇතිවෙච්ච සතුට ඔයාලට හිතාගන්න පුඵවන්ද? ඇය තම පෙම්වතා හමු වෙන්න ගියා. ඒ ගියේ ඇය බලන්න ආවේ නැත්තේ ඇයි කියලා අහන්න. ඇයට ඔහු හමු උනා. ඔබ මොකක්ද හිතන්නේ.
නෙත්මි පුදුම උනා, මොකද?  ඇගේ පෙම්වතාත් අන්ද නිසා. ඊට පස්සේ නවිදු ඇහුවා.
“මාව කසාද බදිනවාද කියලා“
“ඔයාට පිස්සුද? මට බැහැ අන්දයෙක්ව බදින්න.“
ඇය ඉතාම පහත් විදියට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා. නවිදු හිනාවෙලා එතනින් ඉවත්උනා. අයින්උනා කියන්නේ නවිදු නගරේනුත් පිටවෙලා ගියා. ඒ ඇයට තමාව ඇකිමත් කරදරයක් වෙන්න ඇති කියල වෙන්න ඔනේ.
නෙත්මිට ඔහුගෙන් ඇත් උනත් ඇයට ජිවිතේ ලොකු හිස්බවක්දැනුනා. කාලය හිමිට ගෙවිල ගිහින් ඇයගේ උපන්දිනය දවසත් ලැබුවා. ඇය දැනන් හිටියේ නැහැ ඇයට හොදම උපන්දින තැග්ග ගේන්නේ කව්ද කියලා. නමුත් ඇයට හුග කාලයකට පස්සේ නවිදුව මතක් වුනා. ඒ ඇයි දන්නවද? ඒ තමයි ඇයට මුලින්ම උපන්දින තැග්ග ගෙනත් දෙන්නේ නවිදු විමයි.
ඇයගේ උපන්දින සාදයේදි ඇයට සැහෙන්න තැගි බොග ලැබුනා. ඔය අතරේ ඇගේ නේවාසිකාගාරයේ මැඩමුත් ආවා. ඒ ඇගේ ඇරයුමකට. නෙත්මිට හැමදේම හරියට සිදුවුනත් නවිදුගේ හිස්තැන ලොකුවට දැනුනා. සාදය අවසානයේ මැඩම් ඇයව පසකට කැදවා මොකුත්ම නොකියා සුදු පැහැති කවරයක් ඇයට දිලා යන්න ගියා. ඇයට අමුත්තක් සමග මැඩම් ගැන පුදුමත් හිතුනා. ඇයි ඇය මෙහෙම කලේ යන්නයි.
ඇය කවරය බැලුවත් එහි කිසිවක් සදහන්ව තිබුනේ නැහැ. ඇය කවරය විව්තකරාත එහි මුලින්ම තිබුනේ ඇගෙයි නවිදුගෙයි එකට සිට ගන්නා ලද ඡායාරුපයක්. එහි පිටුපස මෙසේ සදහන්ව තිබුනා.
“සොදුරිය මගේ ඇස් දෙක හොදට පරිස්සන් කරන්න. ඒකයි මගේ උපන්දින තැග්ග.“ යනුවෙනි.

ප.ලි - fb එකේදි හමුවේච්ච ඡායාරුපයක තිබ්බ පුංචි කතාවක් තමයි මම ටිකක් දිග ඇරල ලිව්වේ. මම කතාව මෙතනින් නවත්වනවා. අවසානය ඔයාලට හොද විදියකට හිතා ගන්න.


Sunday, February 5, 2012

ඇස් දෙක.


            මං මගේ හිත හදාගන්න කොයිතරම් නම් උත්සාහ කලාද. ඒත් එක හරියට සිතිජය වගේ වුනා. මේ ගල් බංකුවක් උඩ ඉදන් මම කොතරම් මුහුද දිහා බලන් හිටියත් අපිට ආයේ මේතන එකට ඉන්න වෙන්නැහැ නේද කියලා මගේ යටි හිය මගෙන් අහනවා. අපි කොයිතරම්  නම් ආදරේ කලාද, එත් අපිට ආදරේ කල කවුරුවත් හිටියේ නෑ කියලා මම දන්නේ ඔයා මට නැතිවේච්ච දවසේ. දැන් මගේ ජීවිතේට පාට ලංවඅනත් මේ හිස් අහස වගේ නේද කියල හිතුනත් ජීවිතයට බලාපොරොත්තු එක්කරන්න මට හයියක් තිබ්බේ නැහැ.
          මං ජීවිතය පටන් ගත්තේ අනාතයෙන් විදියට, මගේ අම්මයි තාත්තයි කඵද සුදුද කියන්නවත් මම දැනන් හිටියේ නැහැ. අඩුම තරමේ කඵ සුදු මොනවගේද කියන්නවත් මම දන්නැහැ. ඒ මම අන්දයෙක් ලෙස මේ ලොකේට බිහිවුන හන්දා වෙන්න ඇති. ඒක මගේ දෛවය ලෙසයි හැමොම මට කිව්වේ. ඉගන ගන්න ආසාවක් තිබුනත් කාටත් මාව හිරි හැරයක් උනා. මගේ පිහිටට තිබුනේ මගේ කටහඩ විතරයි. මම ලස්සනට සිංදු කිව්වා. ඒක මට ආශිර්වාදයක් වුනා.  මම නොහිතපු පැත්තකට මගේ දෛවය හැරිල තිබුනා කියලා දැනගත්තේ ඇය හමු වේච්ච දවසේ.
          ඇය සංගිත ගුරුවරියක්. ඇයට මගේ දක්ෂතාව අදුර ගත්ත. ඒ දක්ෂතාවයට වටිනා කමක් දුන්නා. අහිතක් නැතුවම. මගේ නමින් කැසට් පටි තුනක් නිකුත් කිරිමට උදව් විමට තරම් ඇය කාරුනික වුනා. මම මගේ නම වත් ලියන්න දන්නැතිව හිටිය කෙනෙක්. ඇය මාව අන්ද විද්‍යාලයකට ඇතුලත් කලේ ඇයි කියන්න මම මේ වෙනකන් දැනන් හිටියේ නැහැ. ඇයත් මං වගේම සංවේදි  හිතක් තිබුන කෙනේක් බවයි මම දැනන් හිටියේ.
          මම අද වුනත් ඇය මගේ ලෝකය පාට කරේ කිසි අහිතක් නැතුව. ඒත මට ලොකු හයියක් උනා කිව්වොත් නිවැරදියි. අනාතයෙක් කියලා කිව්ව මට දැන් මම අනාකයෙක් නොමෙයි නෙද කියල හිත කිව්වා. මම අද කොතනද ඒ ඇය නිසාය. මට මෙතේක් උපකාර කල ඇය අකාලයේ මගෙන් වෙන්වුනේ ඇය හොද අයෙක් නිසා වෙන්න ඇති.
          හදවතේ දුර්වල තාවයක් නිසා ඇය මා හැර ගියා කිව්වොත් මා වැරදියි. ඇය මා හැර ගියත් ඇය මගේ හදවතේ සදහටම ජීවත්වෙනවා. ඇය අමරණියයි. මම ලෝකය දකින්නේ ඇගේ දැසින් කිව්වොත් මා නිවැරදියි. ඇගේ මරණයත් සමග වැලලිගිය රහස් කිපයක්ම ගොඩ ආවා. ඒ මම ලොකය දකික පටන් ගැනිමත් සමග. ඇය මගේ එකම සහොදරිය වෙලා තිබුනා. මගේ අම්මගේ වරදින් බිහිවුන මම මහමග නතරවුනා. මව මියයාමට පෙර ඇයට මා ගැන සේරම විස්තර කියලා තිබිලා. මව මම ගැන විටින් විට සොයා බැලු වගයි ඇගේ දින පොතේ සදහන් උනේ. ඇගේ ආදරයට මගේ තනි වේච්ච හිතට සිසිලසක් උනේ ඇයි කියන්න මම දැන් දන්නවා.
          මට ඇගේ නිසල දේහය දකින්න පුඵවන් උනේ නැහැ. ඒක කොහොමත් මගේ උරුමය. මම ඒ තරම් අඩපු දවසක් තවත් නැතුව ඇති. අද මම යලිත් තනිවෙලා. මගේ සහොදරියගේ තෙතින් මම දැන් ලොකය දකිනවා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඇස් දෙක් අරන් මට මගේ නංගිව දෙන්න කියලා විතරයි. කඵවර වැටිගෙන එන සිතිජයදෙස බලා දිගු සුසුමක් හෙලමින් ගල් බන්කුවෙන් නැගිට්ටේ ඇගේ සොහොන ලගට යාමටය.