Monday, January 30, 2012

නුඹ.

මම කියනදේ පොඩ්ඩක් තේරුම් ගන්න මට ඔයාට කියන්න විත‍රයි ඕනි වුනේ මගේ ඇත්ත තත්වය..එත් දැන් මොකද මේ වුනේ මම ඇත්ත කියුව විත‍රයි ඔයා මාව දාල දුවනවා..එතකොට අර ඔයා ඉස්සල කියපු දේවල්?
 මම තමයි ඔයාගේ හිතට අයෙමත් ආදරයක් ගෙනාවේ කියල?
 ඒවා බොරුද?
 මගේ ළඟ ඉන්නකොට ඔයාගේ තාත්ති ළඟ ඉන්නවා වගේ දැනෙනවා කියුවේ එත් බොරුවටද? 
මට තාත්ති කියල කතා කරේ ෆැෂන් එකටද? 
මම හිතුව ඔයා මට එහෙම කතා කලේ ඇත්තටම කියල..කමක් නැහැ දැන් ඒවා ඔක්කොම අතීතය කියල අමතක කරලා දාමු එත් අඩුමගානේ අපිට එකිනෙකාගේ දුක සැප හොයල බලන්න පුළුවන් නේද?යාලුවෝ වෙන්න පුළුවන් නේද?මම දන්නවා යාළුකම ආදරයෙන් කෙලවර වුනාට ආදරයක් යාලුකමෙන් කෙලවර වෙන්නේ නැහැ කියල..
එත් ඔයාට ආදරේ කරන්න කලින් මම ඔයාගේ හොදම යාළුවා නේද?
 බැරිද මට අයේ මගේ පරණ තැන දෙන්න?