Tuesday, June 25, 2013

වෛද්‍යවරයා.

දිනක් වෛද්‍යවරයෙක් කලබල වී රෝහලට ඇතුළු වුණා. ඔහුව ඉක්මනින් කැදවා තිබුණේ අනතුරකට ලක් වූ පුංචි දරුවෙකුගේ ශල්‍යකර්මයකටයි, හැකි ඉක්මනින් ඇදුම් මාරු කොට ඔහු ශල්‍යාගාරය වෙත ගියා. ඔහු එතනට යන විට රෝගී වූ දරුවාගේ පියා දොර අසළ සිටියා. ඔහුව දුටු සැණින් පියා "මොනව ද මෙච්චර වෙලා කළේ ? දන්නේ නැද්ද මගේ දරුවාගේ ජීවිතය අනතුරේ කියලා. ඩොක්ටර් කෙනෙක් උනහම වගකීමක් තියෙන්න ඕන නේද ?" කියා කෑ ගසන්න පටන් ගත්තා.

"සමාවෙන්න. මම ඉස්පිරිතාලේ නෙමෙයි හිටියේ. කෝල් එක ලැබුණු ගමන් එන්න පුළුවන් ඉක්මනින්ම තමයි මම ආවේ. සන්සුන් වෙන්න" දොස්තර පැවසුවා.

"සන්සුන් වෙන්න.., සන්සුන් වෙන්න... මගේ ළමයා මැරෙන්න වැටිලා ඉන්නකොට සන්සුන් වෙන්න...? ඔයාගේ ළමයට මේක වුණා නම් ඔයා මෙහෙම කරනවද...? " පියා නැවතත් කලබල කලා.

"කරුණාකරලා වාඩිවෙලා ඉන්න. කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා..." කියමින් දොස්තර ඇතුළට ගියා. ටික වේලාවකින් ශල්‍යකර්මය සාර්ථකව අවසන් කර වෛද්‍යවරයා එළියට ආවා.

"ඔබේ දරුවාගේ ජීවිතයට අනතුරක් නෑ." පියා යමක් අසන්න සැරසෙද්දීම "ප‍්‍රශ්න තියෙනවා නම් නර්ස්ගෙන් අහන්න." කියමින් දොස්තර පිටත්ව ගියා.

"මොකද ඒ දොස්තර එච්චර ආඩම්බර ? එයාට ඇයි මගේ දරුවාගේ තත්ත්වේ කියන්න බැරි ? ළමයාගේ පියා නර්ස්ගෙන් විමසුවා."

හෙදිය - ඇය ඇස්වලින් කඳුළු වැටෙමින් මෙසේ කිව්වා "ඩොක්ටර්ගේ පුතා ඊයේ රිය අනතුරකින් මිය ගියා." අපි කෝල් කරනකොට එයා හිටියේ අවසන් කටයුතුවල. ඔපරේෂන් එක ඉවර කරලා එයා ගියේ ඒ වැඩේ ඉවර කරන්න.


සත්‍යය හරි හැටි නොදැන කිසිවෙකු පිළිබද විනිශ්චය කරන්න ඉක්මන් වෙන්න එපා.... මන්ද ඔවුන් සිටින තත්ත්වය පිළිබදව ඔබ නොදන්නා නිසාවෙන්.

(සමහර විට සමහර දෙනෙක් මේ කතාව වෙනත් FB පිටු වල පලවී තිබෙනවා දැක ඇති... මෙහි වටිනාකම ගැන සලකා මෙය මෙසේ පලකරන්නේ මෙතෙක් මේ කතාව නොදැන සිටි අයගේ දැන ගැනීම පිණිස බව කරුණාවෙන් සලකන්න...)

Tuesday, May 21, 2013

මොහොතක් සිතන්න.

ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.

“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”

කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.

ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.

කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.

තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර විදිහට කීවා.

අනේ මගේ පුතේ අත් පය නැතිකෙනෙක් ගෙදරට එක්කරගෙන ආවහම මොනතරම් කරදරයක්ද? අපෙත් නිදහස සීමා වෙනවානේ. එයා වෙනුවෙන් වෙනම කෙනෙක් යොදවන්නත් ඕනනේ. තාත්තා දැඩි විදිහට ප්‍රතික්‍ෂේප කලා.

පුතා මොනතරම් කීවත් තාත්තාගේ ස්ථාවරය වෙනස් වුනෙ නැ. දුරකතනය විසන්ධිකල පුතා ඇමතුම හමාරකලා.

මීලග සතියේදී කිව විදිහට පුතා එයි කියලා බලාගෙන හිටියත් පුතා ආවේ නැ.

එම පලාතේ පොලිසියෙන් හදිසියේම ඔවුන්ගේ ගෙදරට ආවා. ඔබලාගේ පුතා උස ගොඩනැගිල්ලකින් වැටිලා මරුමුවට පත්වෙලා තියනවා. අප සිතන්නේ මෙය සිය දිවිනසා ගැනීමක් කියලායි පොලිස් ප්‍රධානියා පැවසුවා.

ඉක්මනින් තාත්තා ඔවුන් සමග ගියා මියගොස් සිටි තම පුතා දැක්ක තාත්තාට සිහි නැතුව ගියා. යුද්ධයේදී ඔහුගේ එක් අතක් සහ කකුලක් ඔහුට අහිමීවි තිබුනා. යහලුවා වෙනුවෙන් ලෙස ඔහු ඉල්ලා ඇත්තේ තමාගේ ජීවිතය බව තාත්තට වැටහෙන විට සියල්ල සිදුවී හමාරයි

Saturday, May 4, 2013

සොඳුරිය මට නොකියාම ගියා..!



දවසක් සන්ගීත් නිපුන් සනත් නන්දසිරි මහත්මයව හම්බවෙන්න තරුණයෙක් එනව. දන්න විදියට දුම්රිය පළක
ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා ගීයක පද පේළි...යක් ලියුව කඩදාසියක් සනත් නන්දසිරි මහත්මයාට දීලා
කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක්
තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ
දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

මේ තරුණයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු පෙම්වතෙක්. ජීවිතෙ
මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ
දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න
වෙනවා...

ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට
බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න
ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..!

මේ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා
නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ
අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක්
තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුදු කොඩි..! තරුණයාට මතක්
වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය
ඤාතියාට ගෞරව කරන්න...

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න
වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට
ගීතවත් වෙන්නෙ...
·
එදා මෙදාතුර කඳුලට විවරවූ
දෑස් පියන්පත් කවුළු වසා

ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...

මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...

දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...

ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...

ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ


(FB එකෙන් උපුටා ගන්නා ලදි)

Tuesday, February 12, 2013

මං ආදරෙයි.

දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුණගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා.

"ඔයාට පිස්සුද?
 ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි.
මම මොකටද ඔයාට ආදරේ කරන්නේ?
 ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද?
 මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ.
ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන විදියේ කෙනෙක්ව හොයා ගන්න" කියලා එයා පිරිමි ළමයට බොහෝම තදින් කිව්වා.

නමුත් පිරිමි ළමයට ඇයව එහෙම ලේසියෙන් අමතක කරන්න පුලුවන් උනේ නෑ.

වසර 10කට පස්සේ දවසක් මේ පිරිමි ළමයයි අර ගෑණු ළමයයි සාප්පු සංකීර්ණයකදී මුහුනට මුහුන මුන ගැසුනා.

"මේ ඔයාද?
 ඔයාට කොහොමද දැන්?
 මම දැන් කසාද බැදලා ඉන්නේ.
ඔයා දන්නවද මගේ මහත්තයගේ මාසික ආදායම ලක්‍ෂ 2කටත් වඩා වැඩී කියලා?" ගෑණු ළමයා පිරිමි ළමයට කිව්වා.

මේ මොහොතේම ගෑණු ළමයගේ සැමියා එතනට ආවා. පිරිමි ළමයව දුටු ඔහු බොහෝම ගෞරවයෙන් ඔහුට මෙහෙම කතා කලා.

" සර් මෙතන මොක්ද කරන්නේ? මේ ඉන්නෙ මගේ බිරිද"

ඊට පස්සේ බිරිද පැත්තට හැරුනු ඔහු මෙහෙම කිව්වා

"මේ සර්ගේ කම්පැනි එකේ තමා මම අලුතින් ලක් ෂ 2කකට රැකියාවට ගියේ.
 අපේ සර් තවම කසාද බැදලා නැත්තේ ඇයි දන්නවද?
 සර් ආදරේ කරපු ගෑණු ළමයව සර්ට ලබා ගන්න බැරි වෙලා තියනවා,ඒ දුකට සර් වෙන ගෑණු ළමයෙකුට ආදරේ කරල නෑ.
පොඩ්ඩක් හිතන්න ඒ ගෑණු ළමයා කොච්චර නම් වාසනාවන්තද කියලා.අද කාලේ එහෙම ආදරේ කරන පිරිමි හොයන්න කොච්චර අමාරුද?"
ගෑණු ළමයාට මොනවා හිතෙන්න ඇතිද?

Wednesday, February 22, 2012

මගේ ඇස් දෙක.




එක ගැහැණු ළමයෙක් හිටියා. එයාගේ නම නෙත්මි. ඒ උනාට එයා උපතින්ම අන්දයි. වයසත් 21 විතර වෙනවා. ඇයගේ පෙම්වතා වුනේ නවිදු. ඇගේ පෙම්වතාව කවුරුවත් ගණන් ගන්නේ නැහැ. ඒ ඔහු සැහේන්න දුරට නිෂ්ශබ්ද චරිතයක් නිසා වෙන්නැති කියලයි නෙත්මි හිතන් හිටියේ. නෙත්මි නවිදු හමුවුන හැමවෙලේම කිව්වේ.
“මම ඔයාව දැක්කොත් අනිවාර්යෙන්ම ඔයාව කසාද බදිනවා“ කියලයි.
ඔය විදියට දෙන්නටම හොරේන් කාලය ගෙවිල ගියාලු. නවිදු දවසක් නෙත්මිට කිව්වලු.
“නෙත්මි“
“ඇයි විදු“ ඇය ආදරේට ඔහුට කතා කලේ එහෙමයි.
“සුබ ආරංචියක් තියෙනවා පැටියෝ.“
“මොකක්ද?“
“ඔයාට ඇස් දෙකක් දෙන්න කෙනෙක් ඉදිරිපත්වෙලා කියලා. මැඩම් කිව්වා.“
“අනේ ඔය ඇත්තද විදු“
“ඇයි. මම කවදාවත් ඔයාට බොරු කියලා තියෙනවද?“
“අයියෝ විදු. ඔයානම්. මම ජිවිතේ වැඩියෙන්ම සතුටු වුන දවස් දෙකයි තියෙන්නේ.“
“මටත් දැන ගන්න කියන්න බලන්නකො එනම්.“ නවිදු එහෙම කිව්වේ නෙත්මිගේ අතක් හිමිට අල්ලන ගමන්. හරියට රිදෙයි වගේ හැගිමෙන්.
“පොඩ්ඩක් ඉන්නකෝ අනේ පනින් නැතුව. ඒ තමයි අද ඔයා ගෙනාව සුබ ආරංචිය.“
“අනික මොකක්ද?“
“ඒ තමයි ඔයා මට ආදරේයි කිව්ව දවස.“ නෙත්මි නවිදුට තුරුල් වෙමින් කිව්වා.
ඔයවිදියට දෙන්නා ආදරේ වින්දා. අපි කියමු මේ දෙන්නට කාගේවත් ඇස්වහක් වදින්න එපා කියලා. නවිදු කියපු විදියට ඇයට කවුද කෙනෙක් ඇස් දෙකක් පරිත්‍යාග කර තිබ්බා. වෙද්‍යවරු සැත්කම සාර්ථකව අවසන්කරා. ඇය වාසනාවන්ත උනා ඇය නොදුටු ලොකය දකින්න. ඇයට ඇතිවෙච්ච සතුට ඔයාලට හිතාගන්න පුඵවන්ද? ඇය තම පෙම්වතා හමු වෙන්න ගියා. ඒ ගියේ ඇය බලන්න ආවේ නැත්තේ ඇයි කියලා අහන්න. ඇයට ඔහු හමු උනා. ඔබ මොකක්ද හිතන්නේ.
නෙත්මි පුදුම උනා, මොකද?  ඇගේ පෙම්වතාත් අන්ද නිසා. ඊට පස්සේ නවිදු ඇහුවා.
“මාව කසාද බදිනවාද කියලා“
“ඔයාට පිස්සුද? මට බැහැ අන්දයෙක්ව බදින්න.“
ඇය ඉතාම පහත් විදියට ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරා. නවිදු හිනාවෙලා එතනින් ඉවත්උනා. අයින්උනා කියන්නේ නවිදු නගරේනුත් පිටවෙලා ගියා. ඒ ඇයට තමාව ඇකිමත් කරදරයක් වෙන්න ඇති කියල වෙන්න ඔනේ.
නෙත්මිට ඔහුගෙන් ඇත් උනත් ඇයට ජිවිතේ ලොකු හිස්බවක්දැනුනා. කාලය හිමිට ගෙවිල ගිහින් ඇයගේ උපන්දිනය දවසත් ලැබුවා. ඇය දැනන් හිටියේ නැහැ ඇයට හොදම උපන්දින තැග්ග ගේන්නේ කව්ද කියලා. නමුත් ඇයට හුග කාලයකට පස්සේ නවිදුව මතක් වුනා. ඒ ඇයි දන්නවද? ඒ තමයි ඇයට මුලින්ම උපන්දින තැග්ග ගෙනත් දෙන්නේ නවිදු විමයි.
ඇයගේ උපන්දින සාදයේදි ඇයට සැහෙන්න තැගි බොග ලැබුනා. ඔය අතරේ ඇගේ නේවාසිකාගාරයේ මැඩමුත් ආවා. ඒ ඇගේ ඇරයුමකට. නෙත්මිට හැමදේම හරියට සිදුවුනත් නවිදුගේ හිස්තැන ලොකුවට දැනුනා. සාදය අවසානයේ මැඩම් ඇයව පසකට කැදවා මොකුත්ම නොකියා සුදු පැහැති කවරයක් ඇයට දිලා යන්න ගියා. ඇයට අමුත්තක් සමග මැඩම් ගැන පුදුමත් හිතුනා. ඇයි ඇය මෙහෙම කලේ යන්නයි.
ඇය කවරය බැලුවත් එහි කිසිවක් සදහන්ව තිබුනේ නැහැ. ඇය කවරය විව්තකරාත එහි මුලින්ම තිබුනේ ඇගෙයි නවිදුගෙයි එකට සිට ගන්නා ලද ඡායාරුපයක්. එහි පිටුපස මෙසේ සදහන්ව තිබුනා.
“සොදුරිය මගේ ඇස් දෙක හොදට පරිස්සන් කරන්න. ඒකයි මගේ උපන්දින තැග්ග.“ යනුවෙනි.

ප.ලි - fb එකේදි හමුවේච්ච ඡායාරුපයක තිබ්බ පුංචි කතාවක් තමයි මම ටිකක් දිග ඇරල ලිව්වේ. මම කතාව මෙතනින් නවත්වනවා. අවසානය ඔයාලට හොද විදියකට හිතා ගන්න.


Sunday, February 5, 2012

ඇස් දෙක.


            මං මගේ හිත හදාගන්න කොයිතරම් නම් උත්සාහ කලාද. ඒත් එක හරියට සිතිජය වගේ වුනා. මේ ගල් බංකුවක් උඩ ඉදන් මම කොතරම් මුහුද දිහා බලන් හිටියත් අපිට ආයේ මේතන එකට ඉන්න වෙන්නැහැ නේද කියලා මගේ යටි හිය මගෙන් අහනවා. අපි කොයිතරම්  නම් ආදරේ කලාද, එත් අපිට ආදරේ කල කවුරුවත් හිටියේ නෑ කියලා මම දන්නේ ඔයා මට නැතිවේච්ච දවසේ. දැන් මගේ ජීවිතේට පාට ලංවඅනත් මේ හිස් අහස වගේ නේද කියල හිතුනත් ජීවිතයට බලාපොරොත්තු එක්කරන්න මට හයියක් තිබ්බේ නැහැ.
          මං ජීවිතය පටන් ගත්තේ අනාතයෙන් විදියට, මගේ අම්මයි තාත්තයි කඵද සුදුද කියන්නවත් මම දැනන් හිටියේ නැහැ. අඩුම තරමේ කඵ සුදු මොනවගේද කියන්නවත් මම දන්නැහැ. ඒ මම අන්දයෙක් ලෙස මේ ලොකේට බිහිවුන හන්දා වෙන්න ඇති. ඒක මගේ දෛවය ලෙසයි හැමොම මට කිව්වේ. ඉගන ගන්න ආසාවක් තිබුනත් කාටත් මාව හිරි හැරයක් උනා. මගේ පිහිටට තිබුනේ මගේ කටහඩ විතරයි. මම ලස්සනට සිංදු කිව්වා. ඒක මට ආශිර්වාදයක් වුනා.  මම නොහිතපු පැත්තකට මගේ දෛවය හැරිල තිබුනා කියලා දැනගත්තේ ඇය හමු වේච්ච දවසේ.
          ඇය සංගිත ගුරුවරියක්. ඇයට මගේ දක්ෂතාව අදුර ගත්ත. ඒ දක්ෂතාවයට වටිනා කමක් දුන්නා. අහිතක් නැතුවම. මගේ නමින් කැසට් පටි තුනක් නිකුත් කිරිමට උදව් විමට තරම් ඇය කාරුනික වුනා. මම මගේ නම වත් ලියන්න දන්නැතිව හිටිය කෙනෙක්. ඇය මාව අන්ද විද්‍යාලයකට ඇතුලත් කලේ ඇයි කියන්න මම මේ වෙනකන් දැනන් හිටියේ නැහැ. ඇයත් මං වගේම සංවේදි  හිතක් තිබුන කෙනේක් බවයි මම දැනන් හිටියේ.
          මම අද වුනත් ඇය මගේ ලෝකය පාට කරේ කිසි අහිතක් නැතුව. ඒත මට ලොකු හයියක් උනා කිව්වොත් නිවැරදියි. අනාතයෙක් කියලා කිව්ව මට දැන් මම අනාකයෙක් නොමෙයි නෙද කියල හිත කිව්වා. මම අද කොතනද ඒ ඇය නිසාය. මට මෙතේක් උපකාර කල ඇය අකාලයේ මගෙන් වෙන්වුනේ ඇය හොද අයෙක් නිසා වෙන්න ඇති.
          හදවතේ දුර්වල තාවයක් නිසා ඇය මා හැර ගියා කිව්වොත් මා වැරදියි. ඇය මා හැර ගියත් ඇය මගේ හදවතේ සදහටම ජීවත්වෙනවා. ඇය අමරණියයි. මම ලෝකය දකින්නේ ඇගේ දැසින් කිව්වොත් මා නිවැරදියි. ඇගේ මරණයත් සමග වැලලිගිය රහස් කිපයක්ම ගොඩ ආවා. ඒ මම ලොකය දකික පටන් ගැනිමත් සමග. ඇය මගේ එකම සහොදරිය වෙලා තිබුනා. මගේ අම්මගේ වරදින් බිහිවුන මම මහමග නතරවුනා. මව මියයාමට පෙර ඇයට මා ගැන සේරම විස්තර කියලා තිබිලා. මව මම ගැන විටින් විට සොයා බැලු වගයි ඇගේ දින පොතේ සදහන් උනේ. ඇගේ ආදරයට මගේ තනි වේච්ච හිතට සිසිලසක් උනේ ඇයි කියන්න මම දැන් දන්නවා.
          මට ඇගේ නිසල දේහය දකින්න පුඵවන් උනේ නැහැ. ඒක කොහොමත් මගේ උරුමය. මම ඒ තරම් අඩපු දවසක් තවත් නැතුව ඇති. අද මම යලිත් තනිවෙලා. මගේ සහොදරියගේ තෙතින් මම දැන් ලොකය දකිනවා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ ඇස් දෙක් අරන් මට මගේ නංගිව දෙන්න කියලා විතරයි. කඵවර වැටිගෙන එන සිතිජයදෙස බලා දිගු සුසුමක් හෙලමින් ගල් බන්කුවෙන් නැගිට්ටේ ඇගේ සොහොන ලගට යාමටය.